Saturday, September 28, 2013

පැස අත් හැර නිවන් මග යන්න....


මම කිව්වනේ පොටෝ අල්ලන අයට මගේ පින්තූර අඩවිය ඕපන් කරනවා කියලා.. ඉතින් බොහෝම ලස්සන පොටෝ එකකින් තමයි වැඩේ පටන් ගන්නේ.. පොටෝ එක එවල තියෙන්නේ....

දිනේෂ් රන්ජීව් සිල්වා

එයා පොටෝ එක නම් කරලා තියෙන්නේ මෙහෙමයි...

"ආශාවේ ගමන් මල්ල පසෙකින් තැබූ විට නිර්වාණයේ ගමන් මාවත ඉතා පහැදිලිය."

Monday, June 24, 2013

අඩෝව්... මම රාජ කුමාරයෙක් නෙමෙයි...

 
අඩෝව්...
මම රාජ කුමාරයෙක් නෙමෙයි....!!!
මම ගමේ කොල්ලෙක්..!!!

ඒත් අද මගේ ළඟ..
ලෙස්ටර්ද බල්ලෙක්.
 

වැලැඳ කුස සිඹිමිනා,
වැඳ වැටී පා නමඳිනා,

මහ රජානෝ අපේ...
ගමේ කොල්ලෙක්.
ගමේ කොල්ලෙක්.

Monday, June 3, 2013

අටපිරිකර කොලිටි නැතිලු...


හතර ගාතේ වැඳ වැටිලා,
හතර වරිගෙ නිවන් යන්න..
හතර අතට ණය වීලා,
අෂ්ඨපරික්කා පූජා..


ඊළඟ දවසේ උදේම,
පෙට්ටගමෙන් රහත් වෙලා,
අටපිරිකර සාප්පුවේ,
අල්මාරියටම වැඩලා....
වැඩ ඉන්නව සාධු සාධු...!!!

කොලිටිය නැති බඩු ඔව්වා....

අටපිරිකර වැහි වැහලා,
වලඳන්නද මහත්තයෝ....
අර මොකටෙයි කඩෙන් ගන්නේ...?
මෙන්න මෙහෙන් අරන් යන්න...

කඩේට අඩුවෙන් ගානක්...
ඔන්න
හේ දීලා යන්න.

රට කරන්න මින් මත්තට,
චතුරඟ සේනා කුමකට...?
බොදු බල සේනා සමඟින්,
නිවන් යන්න පින් නැතිවද...?


රට වෙනුවෙන් හඬ නොනඟන,
මල්වතු අස්ගිරි කුමටද....?
සිංහල උරුමෙට, රාවෙට,

තේවාවත් බාර දෙමුද...?
 

කුමටද පව් පුරවන්නේ,
කර අඩු කොලිටියේ පූජා....
කරනවනම් කරපල්ලා,

ඉන්ද රතන ගිණි පූජා...!!!

ලංකවේ තිබෙන ප්‍රධානම ප්‍රශ්ණය -
තත්වයෙන් බාල අටපිරිකර විකිණීම