Monday, December 19, 2011

දේදුණු



අනේ පොඩ්යක් ඔහොම ඉන්න....
අදවත් කැලුම් අයියට බලා ගන්න.....

Saturday, December 17, 2011

බර බැලිල්ල...



කෝ... කෝ...
අම්මා..
ඔයා අයින් වෙන්නකෝ
බබා උනත් තාත්තගේ
ගෙදර බබා මම නෙ අනේ
ඩොක්ටර් අංකල් කිව්වේ
බලන් එන්න, බබාගේ බර..
ඔයාගේ බර නෙමෙයි අනේ..
මං බබාගේ....

Friday, December 16, 2011

වැස්ස..



එන්න ඇතුලට... බය වෙන්න දෙයක් නෑ..
කුඩේ යටට ආවා නම් අපි තෙමෙන්නේ නෑ...
වැස්සෙ තෙමෙන්න එපා කියලා ආච්චි කීවා
තෙමිලා ගියොත් අම්මා දෙයි හොඳ සැර ඒවා

Sunday, December 11, 2011

ගින්දර වාගේ...



පියානෝවද...?
සොඳුරු ළඳද...?
මටනම් දෙකම
නොඇදහුවත් දෙවියන්
දෙවියන්ම මැවූවා නොවේද...?
මේ සොඳුරු වස්තූන්...

Sunday, November 27, 2011

ශ්‍රී ලන්කන් ක්‍රිකට්



අවසන් කටයුතු දකුණු අප්‍රිකාවේදි සිඳු කෙරේ
මෙයට ශෝකයට පත්
නාවලපිටියේ කළවැද්දා ඇතුළු පාළක මණ්ඩලය.
මල් වඩම් අනවශ්‍යයි.
මිනී බෑන්ඩ් හැකි තරම් රැගෙන එන්න..

Monday, November 14, 2011

මී හරක්..



නොමැත හිරිහැර
සිරුරු දියකර
තබති පියවර
කෙතක් සරුකර
ඈත සිට පෙර
නොකර කරදර
බතින් කුස පුර
වමින් සහ කිර
අහිංසක මී හරක්....

රහමෙරින් මත්වෙමින්
ඊර්ශා ක්‍රොදයෙන්
රාත්‍රිය සොරකමින්
දවාලෙහි ඇවිදිමින්
නිකිලිටුවු ගැමි ලඳුන්
දූෂණය කරවමින්
මහ එවුන් පසුපසින්
වැටී ඇත සෙනෙහසින්
ගමම කන මී හරක්....

Friday, November 11, 2011

හඳ මාමා..


සඳ ගැන කවි, ගී , සින්දු, චිත්‍ර, කෝටි ප්‍රකෝටියක් ලියවිලා ඇති ඒ හැම එකකම  සිනිදු, සුකොමල, ලාමක, ලතෙත් මෘදු, සෞම්‍ය, මොලොක්, මටසිලිටු, ප්‍රසන්න, ප්‍රිය උපදවන වස්තුවක් විදියට තමයි හඳුන්වලා තියෙන්නේ, කාන්තාවගේ මුහුණට උපමා කලේ කැත හිතකින්ද එහෙම නැත්නම් අවංකවද කියන ප්‍රශ්නෙකුත් මට තියෙනවා. ඒ උනාට මේ කයිය වෙනස් එකක් වෙයි මයේ හිතේ.....


සිතුවානම් මාමේ, උඹ
නීල් තමයි වැඩයා කියා
උඹට වැරදිලා එහෙනම්..
නැගලා මල් රොකට් එකේ
එනව අපිත් නිතරම ඔහෙ
අටවක දා හිනාවෙන්නේ
ඒ බව උඹ දන්නවාද

එන තරමක් ඔහේ එන්නේ
නරුමයෝමයි රොකට් එකේ
එනකොට උඹ මතක් වෙන්න
අරන් එනව ඇඟෙන් ටිකක්
එකයි ඔය තරම් ගොඩක්
වලවල් පිරිලා තියෙන්නේ

ඔහොම ගියොත් දවසක උන්
අරන් ඒවී හාවත් උඹේ
බයිට් එකට මරන් කන්න..
ඒක නිසා හැමදාමත්
අමාවකට වෙලා ඉඳින්..
ඕනෙම නම් පෝය දාට
පුර සඳ ලෙස පායාපන්...
අම්මා අපේ සිල් ගන්නේ
උඹ පිරිලා ඉන්න දාට

Thursday, November 3, 2011

ළෝ දිය..


හිම දියව මොහොතකින්
රත් වේවී කඳු මුදුන්
මහා හඩ නංවමින
පුපුරාවී දරා උන්
රාග ගිනි

ගලනාවූ ළෝ දියෙහි
රස බලමි දිගාවී
පහස විඳිමින සකුරා මලේ
සුගන්ධය නම් නොමැත
තව තවත් ගලා යයි
කඳු මුදුන් පිනවමින්
මහා හඬ නංවමින..
ළෝ දිය....

Sunday, October 30, 2011

ලියන මහත්තයා


පොඩි කාළේ ඉඳලම පුදුම ආසයි ලියන්න... පළා කොල නෙමෙයි අනේ හිතට එන ඒවා.. ඒ කාළේ ලියන්නේ ඉස්කෝලේ ලියන පොත් වල පිටිපස්සේ.. සමහර වෙලාවට ගුරුවරු දැක්කත්, නොදැක්කා වගේ ඉන්න ඇත්තෙ ලියපු ඒවල ගන්න දෙයක් නැති නිසා වෙන්නත් ඇති.. ඒත් එකම එක, සැරම සැර සර් කෙනෙක්ට  අහුවෙච්ච දවසේ මම හිතුවා හම්බානක කන්න වෙයි කියලා. නමුත් කට කොනකින් හිනාවෙලා කිව්වා වෙනම පොතක් අරගෙන දිගටම ලියන්න කියලා. ඒ ලියලා තිබුනේ ලව් ලෙටර් එකක් කවියකින්. ඒ කාළේ ඒවා ඇර වෙන මොනවා ලියන්නද. ..?

මේ පින්තූරේ දැක්කම මට මතක් උනේ මගේ පොඩි කාළේ.. ඒ කාළේ, අපේ බාප්ප කෙනෙක්ගේ කඩේක තිබුනා ඉන්ගිරිස් ටයිප් රයිටරයක්... බාප්ප කියවන ඉන්ග්‍රිස් පත්තරේ අරගෙන, ඒකේ තියෙන වචන ටයිප් කොරන එක තමයි ඉස්සෙල්ලම කොරේ... පුදුම වැඩේ කියන්නේ, ඉස්ස ඉස්සෙල්ලම හම්බ උන රස්සාවත් අකුරු කොටන එක තමයි.. "ඩේටා එන්ට්‍රි ඔපරේටර්".. කොහොම හරි ෆාස්ටස්ම පොර විදියටත් කප් ගැහුවා..

Monday, October 24, 2011

උද්ධමනය..



කළාකාරුවෝ නොයෙක් මාධ්‍යන්ගෙන් පවතින තත්වය අන් අයට සම්ප්‍රේශනය කරන්නෝ. මේ පසුගිය කාළේ ඇමරිකාව සහ යුරෝපය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් වෙලේ. ඒක කොයිතරම් ජනතාවට බලපානවද කියලා කළාකරුවෙක් කළ නිර්මාණයක්.

සිනහවට යටින් ළොකු කතාවක් තියෙනවා...