Monday, June 3, 2013

අටපිරිකර කොලිටි නැතිලු...


හතර ගාතේ වැඳ වැටිලා,
හතර වරිගෙ නිවන් යන්න..
හතර අතට ණය වීලා,
අෂ්ඨපරික්කා පූජා..


ඊළඟ දවසේ උදේම,
පෙට්ටගමෙන් රහත් වෙලා,
අටපිරිකර සාප්පුවේ,
අල්මාරියටම වැඩලා....
වැඩ ඉන්නව සාධු සාධු...!!!

කොලිටිය නැති බඩු ඔව්වා....

අටපිරිකර වැහි වැහලා,
වලඳන්නද මහත්තයෝ....
අර මොකටෙයි කඩෙන් ගන්නේ...?
මෙන්න මෙහෙන් අරන් යන්න...

කඩේට අඩුවෙන් ගානක්...
ඔන්න
හේ දීලා යන්න.

රට කරන්න මින් මත්තට,
චතුරඟ සේනා කුමකට...?
බොදු බල සේනා සමඟින්,
නිවන් යන්න පින් නැතිවද...?


රට වෙනුවෙන් හඬ නොනඟන,
මල්වතු අස්ගිරි කුමටද....?
සිංහල උරුමෙට, රාවෙට,

තේවාවත් බාර දෙමුද...?
 

කුමටද පව් පුරවන්නේ,
කර අඩු කොලිටියේ පූජා....
කරනවනම් කරපල්ලා,

ඉන්ද රතන ගිණි පූජා...!!!

ලංකවේ තිබෙන ප්‍රධානම ප්‍රශ්ණය -
තත්වයෙන් බාල අටපිරිකර විකිණීම


 

3 comments:

  1. තත්වයෙන් බාල දිවිනසා ගැනීම්???

    ReplyDelete
  2. අද නුවර අටපිරිකරක අවම මිල රු4000යි. සේරම බාල බඩු හංගලා. කොලිටි බඩු මිල වැඩි. ඉතිං පුජ කරපංකෝ අටපිරිකර.

    ReplyDelete