Friday, November 11, 2011

හඳ මාමා..


සඳ ගැන කවි, ගී , සින්දු, චිත්‍ර, කෝටි ප්‍රකෝටියක් ලියවිලා ඇති ඒ හැම එකකම  සිනිදු, සුකොමල, ලාමක, ලතෙත් මෘදු, සෞම්‍ය, මොලොක්, මටසිලිටු, ප්‍රසන්න, ප්‍රිය උපදවන වස්තුවක් විදියට තමයි හඳුන්වලා තියෙන්නේ, කාන්තාවගේ මුහුණට උපමා කලේ කැත හිතකින්ද එහෙම නැත්නම් අවංකවද කියන ප්‍රශ්නෙකුත් මට තියෙනවා. ඒ උනාට මේ කයිය වෙනස් එකක් වෙයි මයේ හිතේ.....


සිතුවානම් මාමේ, උඹ
නීල් තමයි වැඩයා කියා
උඹට වැරදිලා එහෙනම්..
නැගලා මල් රොකට් එකේ
එනව අපිත් නිතරම ඔහෙ
අටවක දා හිනාවෙන්නේ
ඒ බව උඹ දන්නවාද

එන තරමක් ඔහේ එන්නේ
නරුමයෝමයි රොකට් එකේ
එනකොට උඹ මතක් වෙන්න
අරන් එනව ඇඟෙන් ටිකක්
එකයි ඔය තරම් ගොඩක්
වලවල් පිරිලා තියෙන්නේ

ඔහොම ගියොත් දවසක උන්
අරන් ඒවී හාවත් උඹේ
බයිට් එකට මරන් කන්න..
ඒක නිසා හැමදාමත්
අමාවකට වෙලා ඉඳින්..
ඕනෙම නම් පෝය දාට
පුර සඳ ලෙස පායාපන්...
අම්මා අපේ සිල් ගන්නේ
උඹ පිරිලා ඉන්න දාට

7 comments:

  1. @ ගෝර්දෝනීයා
    තෑන්ක්ස් පුතේ....

    ReplyDelete
  2. කාන්තාවකගේ මුහුණ හදට උපමා කොරන්න ඇත්තේ ෆේෂල් කරලා නැති වෙලාවක මයේ හිතේ. මේකප් එකක් එහෙම දාලා හිටි වෙලාවක නම් අර ලප කැලැල් මැකිලා නිසා හදට උපමා කොරන එකක් නැහැ. දුරට ඇපල් ලගට පැපොල් කියන්නේ නිකන්යෑ නේද?

    ReplyDelete
  3. අනේ මන්දා.. කෙල්ලෙක්මනේ මේ කියන්නේ..

    ReplyDelete
  4. "ඔහොම ගියොත් දවසක උන්
    අරන් ඒවී හාවත් උඹේ
    බයිට් එකට මරන් කන්න.."
    අන්න ඒකනං ෂුවර් නැහැ.
    අදහස ලස්සනයි සහෝ.

    ReplyDelete
  5. @ නලිනි චන්දිමා
    අපේ උන් ඒ තරම් ෂුවර් නෑ... ටැන්කූ හොඳේ...

    ReplyDelete
  6. හඳ ගැන කියවාපු කවි හැටහුටහමාරක් අතරෙන් වෙනස්ම කවි පේලියක්. මට මේ බ්ලොග අහුවුනේ අද නෙව. @ අධි වේගයින් පෝස්ටු අතර සැරිසරමින්

    ReplyDelete