Monday, May 17, 2010

මහ සාගරය පිරුණේ මව් කඳුළු වලින්.......

සමරති රජවරුන්, මැති ඇමති පිරිවරා
උත්කර්ෂවත් ලෙසින්,
බොහෝ ජය පැන් බොමින්
ලැබුණි ආරාධනා
උඹේ රුව අතින් ගෙන
මැරි මැරී උපදින්න
උණු කඳුළු විකුණන්න.....

සටන් බිම දිවි පිදූ
උඹ මෙන්ම සොයුරන්ද
වියරු වූ සතුරන්ද
විඳින්නට ඇති පුතේ
සෙනේහය මවකගේ....

නොයමි මම ඒ දෙසට
සිරකරන් උඹේ රුව
කිරි පෙවූ ළැමද මත
වන්න නින්දා නුඹට
වීරයා නුඹ මගේ
මමයි අම්මා උඹේ....

2 comments: