Monday, November 14, 2011

මී හරක්..



නොමැත හිරිහැර
සිරුරු දියකර
තබති පියවර
කෙතක් සරුකර
ඈත සිට පෙර
නොකර කරදර
බතින් කුස පුර
වමින් සහ කිර
අහිංසක මී හරක්....

රහමෙරින් මත්වෙමින්
ඊර්ශා ක්‍රොදයෙන්
රාත්‍රිය සොරකමින්
දවාලෙහි ඇවිදිමින්
නිකිලිටුවු ගැමි ලඳුන්
දූෂණය කරවමින්
මහ එවුන් පසුපසින්
වැටී ඇත සෙනෙහසින්
ගමම කන මී හරක්....

2 comments:

  1. මීහරක් බාන පිටිපසින් ඉන්න ගොවි මහත්තය නම් වෙන්න බැහැ

    ReplyDelete
  2. @ ඇනෝ
    අනේ නෑ ගම කන කාළකන්නි ගැන මේ..

    ReplyDelete