Thursday, November 8, 2012

නිර්මල පෙම්වතිය...


පෙම්වත.....

අව්ව, වැස්ස,

සුළඟ, සුළි සුළඟ,
භූමිකම්පා,
සුනාමියක් වුව.....


වෙලාව නොවරදවා
මා සිත නොරිදවා
පැමිනේවි සැම දිනේ.....

සෑමදා.... වූ ලෙසේ,

සමාවුව විය පමා,

මොහොතකින් එමි මෙමා.....

15 comments:

  1. හැමදාම ඉතින් වෙන්නේ ඕකමනේ

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ගෑල්ලමයින්ට වඩා කොල්ලෝ කොච්චර අවංකද...?

      Delete
  2. අහෝ ‍ඛෙදයකි ඉරකි තිතකි!.........

    ReplyDelete
    Replies
    1. මක් කොරන්නෙයි ගියොත් මරන් කනවනේ

      Delete
  3. පින්තුරය දැක්කම හිතට එන අදහස් ගොඩයි !නමුත් අකුරු කරන්න ප්‍රමාදයි!පින්තුරය දහසක් දේ කියයි!

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි පද වෙනස් වෙයි..

      Delete
  4. සමාවුව මැන් කිව්ව ගමන් කෙල්ල ඇඹරෙනවනෙ..පිරිමි මායමක් නේද සමාව ඉල්ලීම.

    ReplyDelete
    Replies
    1. මෙතන සමාව ඉල්ලනෙ කෙල්ලනෙ

      Delete
    2. මෙතන පරක්කු වෙලා එන්නේ තිසර කිව්වා වගේ කෙල්ල. ඇත්තටම ඒක නේද වෙන්නේ...

      Delete
  5. මට අල්ලන්නෙ නැත්තේ මේකයි.. ඔන්න දැන් කෙල්ල පරක්කු වෙනවා, කොල්ලා චාටර් වෙනවා. කෙල්ල දැන් හිතනවා කොල්ලා බනී කියලා. කොල්ලා හිතනවා ඉඳලා ඉඳලා හම්බවෙන එකනේ, කේන්ති නොගෙන ඉන්නවා කියලා. කෙල්ල අන්තිමේ එනවා, එන්නේ කොල්ලගේ කේන්තියට මූණදෙන්න හේතු හදාගෙන, කොල්ලගේ පරණ වැරදි මතක් කරගෙන. කොල්ලා සුහදව පිළිගන්න හදනවා, ඒත් කෙල්ල ඉන්නේ නැති කේන්තියකට මූණ දෙන මූඩ් එකෙන්. අන්තිමට කොල්ලට ඇත්තටම මල පනිනවා. ආතල් කුඩු.

    ReplyDelete
    Replies
    1. පිස්සු...? ලව් කරණ කාළේ...?

      Delete
  6. හ්ම්ම්.. කවියක්!! වෙන්නේ ඕක තමයි බොහෝ විට.
    ඊයේට වඩා පොඩ්ඩක් වෙනස් ද මන්දා..:)
    අර පින්තුරෙත් මරු..

    ReplyDelete
    Replies
    1. කවිය වෙනස් කලා.. මමත් පින්තූරෙට කවිය ලිව්වේ...

      Delete
  7. මම නම් කවිය ලියලයි පින්තූරෙ හොයාගත්තෙ.. :D
    පින්තූරෙට තව එකක් ලියන්නම්කෝ..

    ReplyDelete
  8. අළු පාට වලාකුළු හමා ආදෙන් ඉහළ
    ඉගිල යන කළු කොබෙයියන් ගයන ගී අතැර
    විදා තටු ඉගිල එමි සකිසඳේ මම සකුණ
    වෙළා ගන්නට කලින් රළු අඳුර තුරු පතර

    නැතැක් වැහි වැහැපුදෙන් නතර නොම වී අතර
    හඹා එමි නුඹ හදේ වැයෙන මුදු නද නුපුර
    මල් පිපෙන මුදු හදේ ගුලි ගැසුණු පසු මිතුර
    මට මොටද නුබ හඹා එන තරිඳු මඬල පුර

    කවි අකුණු වැටුණදෙන් හදග ඉරි තැලුණදෙන්
    හද පිටාරා යමින ප්‍රේමය ම ගැලුවදෙන්
    පාළු මං නැඟි නැඟී සුසරදම් කරපුදෙන්
    විදිලි එළියක් වෙලා මගේ හද පිපුණදෙන්

    ReplyDelete