Tuesday, November 27, 2012

දුටුගැමුණුගේ රේල බයික් එක.....


ජාතියේ පිනෙන් ලද..
මර්වින් ඇමති, පින් කඳ..
නැගී දඩුමොණර මත..,
ඉගිලී..... පියාඹන සඳ...!!!

දුටු ගැමුණු, නිරිඳාද...?
මහා රාවණ, රජුද.....?

හිසට ආවරණ කුමටද...?
රකින්නට එහි, කිසිත් නැති සඳ....!!!

- x -

8 comments:

  1. දියවන්නාවේ රජවරැන්ට සාමාන්‍ය නීතිය කිරියාවේ යෙදෙන්නේ නැති බව දන්නේ නැත්ද යාලු..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. අද ආයෙත් පාරක් කතානායක කියලා තියෙන්නේ...

      Delete
  2. මොලේ උඩ වාඩිවෙලා යන නිසා විශේෂ ආරක්ෂාවක් මූට ඕනේ නැහැ. බයිසිකටේ කඩයි කියලා බයටයි අර ඒකෙ අයිතිකාරයා වෙන එකක නැගලා පස්සෙන් එන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. නගින්න යනකොටත් ඌ සෑහෙන බය උනා... මොකෝ කැඩුනත් ඌ එපැයි හදා ගන්න...

      Delete
  3. වැටත් නියරත් ගොයම් කා නම්......

    ReplyDelete
    Replies
    1. සිල්වාට පවසම් ඒ අමාරුව...

      Delete
  4. බලන්නකෝ පස්සෙන් යන අනිත් අයගේ උජාරුව....

    ReplyDelete
  5. රෝන් සයිඩ් නේද යන්නෙත්....

    ReplyDelete