Saturday, May 11, 2013

අමල්බිසෝ... දොර ඇරලා....



මගෙ අමල්බිසෝ..
නොමැත දොර අගුළු ලා..

සිටියෙමි බලා,
ඔබ එනතුරා..
වෙහෙස ඇති,
බොහෝ ලෙස,
රාත්‍රිය නිදි මරා..

දෙදෙන නිදි නැති රැයක..
ඔබ එතන මා මෙතන
අගුළු නැති ජීවිතය,
අගුළු ලා පලක් වෙද,
මගෙ අමල්බිසෝ...???

හිමිදිරිය එළබිලා...
දොර පියන් වැසුවාට,
නොමැත දොර අගුළු ලා....

දොර ඇරලා අමල්බිසෝ.....!!!!

-x-

10 comments:

  1. සිතිවිලි වල කිමිදිල ඉන්නෙ...?ඇතුලට ඇදල ගන්නෙ නැතුව මොන මගුලක් කරනවද මන්ද...?
    මුන කචල් වුනත් පිස්ෂු හැදෙන පස්ෂ.

    ReplyDelete
  2. මටනම් හුඟක් දෙ හිතුනා
    …කොකයි කෙකියි වත් දැක්කා
    …මුරුංගා ගහේ අතුත් දැක්කා

    ….........

    ReplyDelete
    Replies
    1. කීප පැත්තකින් බලන්න පුළුවන්....

      Delete
  3. රට වටේම රෑ ලැගලා
    ආවත් උදයෙම සොයලා
    අමල් බිසෝ දොර ඇරලා
    ළඟට එන්න සිත ඇරලා

    ReplyDelete
    Replies
    1. කෙල්ලට තේරිලා තියෙනවා... ඕකම තමයි මම මේ හෑල්ලක් ලියලා තියෙන්නේ...

      Delete
  4. මේ අඩවියත් මාතලන්ගේ එකක් ද?

    ReplyDelete
    Replies
    1. හ්ම්.......

      ඇයි අප්ෂට්ද......?

      Delete
  5. //අගුළු නැති ජීවිතය,
    අගුළු ලා පලක් වෙද,//

    පලක් නැත අගුලු දා .....

    ReplyDelete
  6. අළු මත
    අඟුරු දා
    නුඹ අතට
    දෙන්නම්
    ආයෙමත්
    මෙහෙ එන්න
    පාර පෙන්වන්නම්
    සළු පොටේ රැලි ඉරා
    ආයෙ අන්දන්නම්
    මඟ දිගට
    අළු වැටෙයි
    පරිස්සමින් පලයං

    ReplyDelete