වසරකට එක් වරක්,
විජයග්රහණ පෙරහරේ,
රැගෙන යති "අන්දවා",
නවීන උපකරණ අවසන,
ඩැමේජ් වූ උපකරණ..
යුද්ධය අවසානය..
මැති ඇමතිවරු, සොම්නසිනි..
සිනහ වෙයි, කවට කම් කරයි..
මොහොතකට නවත්වා,
රෝල් සැන්විච් කෑම,
නැගි සිට බෝ අමාරුවෙන්,
අත් පොලසන් නඟයි...
මවාගත් දුකක් ගෙන...
වසර හතරක්ම,
විජයග්රහණ පෙරහරේ,
රැගෙන යති "අන්දවා",
නවීන උපකරණ අවසන,
ඩැමේජ් වූ උපකරණ..
යුද්ධය අවසානය..
මැති ඇමතිවරු, සොම්නසිනි..
සිනහ වෙයි, කවට කම් කරයි..
මොහොතකට නවත්වා,
රෝල් සැන්විච් කෑම,
නැගි සිට බෝ අමාරුවෙන්,
අත් පොලසන් නඟයි...
මවාගත් දුකක් ගෙන...
වසර හතරක්ම,
නොදැක්කෙමි.
යුද්ධයේ නියමුවා..
ඉඳගන්න, ඉඳගන්න,
අපරාදේ නැගිටින්නේ..
මිනිත්තුවකට,
මිය ගිය උන්ට..
තව ටිකක්..
යුද්ධයේ නියමුවා..
ඉඳගන්න, ඉඳගන්න,
අපරාදේ නැගිටින්නේ..
මිනිත්තුවකට,
මිය ගිය උන්ට..
තව ටිකක්..
මේ අපට..
ඇත් අසුන් පිරිවරා..
පෙරහරින් පැමිණෙමින්..
රැගෙන යයි..
ජම්බෝ රථවලින්..
පෙරහරින් පැමිණෙමින්..
රැගෙන යයි..
ජම්බෝ රථවලින්..
පින් කරපු ඒ පුතුන්.
පරන ටකරං බසයේ
රැගෙන යයි රාගමට
ඩැමෙජ් වූ උපකරණ.
පරන ටකරං බසයේ
රැගෙන යයි රාගමට
ඩැමෙජ් වූ උපකරණ.
ජාතියේ විරු පුතුන්..
-x-
මම අවුරුදු 15 පුරා ගෙදරින් පිට කිසිතැනකට නොයන්නේ මේ විදිහට විකිනෙන්න තියෙන අකමැත්ත නිසයි.
ReplyDeleteඔබ සහ ඔබ වැනි තවත් දහස් ගනනක් වූ ජාතියේ වීර දූ පුතුන්ට අපගේ ප්රණාමය!!!
Delete/* මම අවුරුදු 15 පුරා ගෙදරින් පිට කිසිතැනකට නොයන්නේ */
Deleteමේක කරන්න එපා. එයින් වෙන්නේ ඔබ ඔවුන්ට ඉබේම ජයග්රහණය දීම නේද?
පෙරහරේ කොප්පරා බර කරත්තේ වගේ පිටිපස්සෙස්න් ගෙනිහින් හරියන්නේ නෑ. එහේනම් ඉදිරියෙන්මයි ගෙනියන්න ඕන. ඊට වඩ ගෞරවයක්. මේ විරුවන්ට නිදහසේ ඉන්න දෙන එක. මේ විරුවන් විකුණගෙන කෑමක් තමයි අවුරුද්දකට සැරයක් කරන්නේ. අනික උත්තම මැඩල් එකට සුදුසු 6 දෙනාද? මේ විරුවන්ට ඒක වලංගු නැතිද? මේක තනිකර දේශපාලන වැඩසටහනක්. දේශපාලන කතාවකුත් එක්ක යන.
Deleteපදක්කම් දීමනම් තනිකර කක්කා ගොඩක් මාතලන්. පණ එපා කියලා දුවපු එවුන්ට පදක්කම්. පණ පුදපු එකාට පඩික්කම්. එව්වා කතාකරන්න ගියොත් උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
කියන්න දෙයක් ඉතුරු කරල නෑ මාතලන් අයියෙ :)
ReplyDeleteඇඟේ මාළු නටනවා මේවා දැක්කම..
Deleteමේ විරුවනට ජාතියම ණය ගැතියි.
ReplyDeleteජාතිය නොවේ. මුලු රටම..
Deleteඕක තමයි ඇත්ත. මට මේ ලඟදි හිතුනා වීරයො විදියට පේන්නෙ මැරුන අයව විතරද කියලා.
ReplyDeleteවීරයෙක් වෙන්න නම් මැරෙන්නම වෙනවා තමයි. මේ සෙප්පඩ විජ්ජාව නම්, මනමාලි නැති මගුල් ගෙයක්...
Deleteඅනේ ඉතිං මහ එකාගේ සිට පහලට $%#@*&^(^%()~..........
ReplyDeleteවිචාරක මහත්තයො කට..කට..මටත් ඕකමයි කටට ආවෙ.
Deleteඋඹලා මුක්කුද බන්. එයාලා නේ යුද්ධ කලේ....
Delete