Tuesday, October 4, 2011

පොදු ජන කුමරිය



බොරු මොකටද. මුලු ලෝකෙම කොල්ලෝ වගේ මමත් මේ කුමරිට ප්‍රේම කළා. මියගිය දිනේ දුක් උනා. අදත් පෙම් කරනවා. එයාගේ පින්තූර මගේ ගාව පුරවල. පොත් පත්තර අද උනත් දැක්කොත් ගන්නවා.
ඒ වගේම එයත් සාමාන්‍ය ජනතාවට ආදරය කළා. ආදරයටත් ආදරය කළා. කොහොම නමුත් ජීවිතය වසන්ත සමය තුලම එයින් සමුගත්තා
.
එංගලන්ත අගමැති නියම සම්මානය ඇයට ලබා දුන්නා.
"පීපල්'ස් ප්‍රින්සස්", පොදු ජනතාවගේ කුමරිය.

අදත් එල්ටන් ජෝන් කළින් මැරලින් මොන්රෝ වෙනුවෙන් ගායනා කොට පසුව පද වෙනස් කරමින් ඩයනා වෙනුවෙන් ගැයූ ගීතයට සවන් දෙන විට, අමුතුම තනිකමක් දැනෙනවා.

මේ පින්තුරෙ ඇගේ අහිංසක බව. රාජකීය බව. ත්‍යාගශීලී බව, ප්‍රේමණිය බව යන සියළුම දේ තියෙනවා..

9 comments:

  1. සුන්දර සිනාවක් නිරතුරු මුව රැඳුනා..
    ආලය නිසා හද තුල නිති දුක රැඳුනා..
    රුව ගුණ නිසා ලෝකය බබලවනා..
    මිනිසුන් අතර රැජිණකි සුන්දර ඩයනා..

    ReplyDelete
  2. @ ගිම්හානි
    කොමෙන්ට්ස් ටික එකතු කළත් ඇති බොගක් දාන්න..

    ReplyDelete
  3. අඩුම වසයෙන් තමා ගැටවර වයසේ පුතුන් දෙදෙනෙකුගේ මව බව සිහියේ තබාගෙන කටයුතු කලානම් ඇයට අකල් මරණයක් හිමි නොවන්නට ඉඩ තිබුණි.

    ReplyDelete
  4. @ ඇනෝ
    මිනිහට හොඳනම ගෑනිට නරක් වෙන්නෙ කොහොමද. රජ පවුල්වල ලිංගික නිදහස දෝරේ ගලනවා. මම නම් ඒකේ කිසිම වරදක් දකින්නේ නෑ.

    ReplyDelete
  5. මම හුගාක් ආදරය කරපු ආස කරපු චරිතයක්. ඇය රිය අනතුරකින් මියගියා කිවුවම මුලින් මම ඒක විශ්වාස කරන්න අකමැත්තෙන් හිටියා මතකයි. ආදරය නොලැබෙන නොදැනෙන ඕනෑම කෙනෙක් ආදරය හඹායන එක අරුමයක් නෙමෙයි. ඇයට ආදරය දැනුනානම් ඇය වෙනකෙනෙකුගේ ආදරය සොයන එකක් නැහැ. Anonymous ගේ කතාවට නම් මම එකග නැහැ.

    ReplyDelete
  6. @ මල්මී
    මමත් කිසිසේත්ම එකඟ නෑ.

    ReplyDelete
  7. පළමු ඇනෝ වෙමි.ඇයට ආදරය සම්බන්දව ගැටළු තිබීම කෙසේ වෙතත්.ආදරය ලබාගැනීම වෙනුවෙන් කල සමහර ක්‍රියාවන් නම් පිළිකුල් සහගත බව කියමි.උදාහරණයකට ගතහොත් පකිස්තානු ජාතික වයිද්‍ය වරයා කාරයේ ඩිකියේ සගවාගෙන තම මන්දිරයට ගෙනයාම වැනි සිදුවීම් ආදරයට වඩා අනාචාරයට ලංවූ සිදුවීම් ලෙස සිතමි.ඇගේ පෙම්වතුන් ලයිස්තුව ගැන සිතුවිට D H ලෝරන්ස් විසින් මැවූ චැටර්ලි ආර්යාව වඩා සදාචාරවත් බව සිතේ.ඇය විවාහ වුවේ ඔටුන්න හිමි කුමරෙකු සමගය.අනාගත රජෙකු සමගය.එසේම ජීවතුන් නොමැතිවුවද ඇය අනාගතයේ දිනක රාජකීය මාතාවද වන්නීය.ඇය විවාහ වුවේ සිය ළමා වියේ සිට මැවූ සිහිනයක් සැබෑ කරගනිමිනි.ඇයගේ හැසිරීම රාජකීයත්වයට කිසිසේත් ගැලපෙන්නේ නැත.තම සැමියා කෙසේවෙතත් තම පුතුන් දෙදෙනා ගැන, ඔවුනගේ අනාගතය ගැන,තම හැසිරීම් වලින් ඔවුනට වන අපකීර්තිය ගැන ඇයට සිතන්නට තිබුණි.
    ඇගේ මරණය ඇගේම අති ධාවනකාරී හැසිරීමේ ප්‍රතිපලයක් ලෙස දකිමි.

    ReplyDelete
  8. @ ඇනෝ
    ඕකට කියන්නේ පුරුෂාධිපත්‍ය කියල. චාලිට හොඳනම්, චාලිගේ තාත්තට හොඳනම්, චාලිගේ බ්‍රදර්ලට හොඳනම් ඩයනට විතරක් වැරදි ඇයි. පිරිමි මොන දේ කළත් හොඳයි. ගෑණූ කළොත් තමයි වැරදි. ඩයනා ළඟ තිබූ මානව දයාව රජ පවුලේ එකෙක් ළඟ තියෙනවද. ඩයනාට තිබුන පිළිගැනීම එකෙක්ටවත් ලබා ගන්න පුළුවන් උනාද....? ඩයනා ප්‍රසිද්ධ උනේ රූපයට වඩා ඇයගේ මානව දයාව නිසා. ඔබගේ හදවතට තට්ටු කරල අහන්න. ඔබට ඒඩ්ස් රෝගියෙක්ට අතට අත දෙන්න පුළුවන්ද. හොටු පෙරෙන දුප්පත් දරුවෙක් ඔඩොක්කුවේ තියා ගෙන ඉන්න පුළුවන්ද?

    ReplyDelete
  9. හරියටම හරි සහෝ...ඒකට කියන කෙටිම වචනේ පුරුෂ ආධිපත්‍ය.

    ReplyDelete