Monday, September 26, 2011

මාලේ....


මාලේ..
මළේ..
මලෙන්ද..?
මලේ..


අනේ නෑ කැන්සර් එකකින්. මාලේ පාපන්දු වලට හරි කැමතියි. බූට්ස් නැතුව ක්‍රීඩා කල වෙලාවක පොඩි තුවාලයක් උනා. ගනන්ගත්තේ නෑ. කාළයක් ගිහින් ඒක කැන්සර් එකක් උනා. "චේ" වගේම් ඔහුත් මට වීරයෙක්. ගීත වලින් විප්ලවයක් කල පුද්ගලයෙක්. කකුල ඉවත් කරන්න ඔහු කැමති උනේ නෑ. ආගමික විස්වාශය අනුව. අපේ කළාකාරයෝ වගේ, වන්දි බට්ටයෙක් නොවුනු ඔහුට මුළු ළොවම ගරු කළා. ඒ හේතුවෙන් වරෙක තම රටේ දේශපාලන අස්ථාවර තත්වයක් ඇති උන වෙලේ. දේශපාලූවෝ මාලේට කන් දුන්නා.

මල් ගහන එක ජැමෙයිකන් කාරයන්ට අපි බුලත් කනව වගේ දෙයක්. රෙගේ මියුසික් ජනප්‍රිය උනේ ඔහු නිසා. මම ආස තවත් ජැමෙයිකානුවෙක් ඉන්නවා. උසේන් බෝල්ට්.

ඒ සුන්දර අවංක නිහතමානී කෙලිළොල් මාලේ මේ පින්තූරේ ඉන්නවා. මාලේගේ මම කැපතිම ඡායාරූපය.

6 comments:

  1. බොබ්මාලේ ගැන මම වැඩි තොරතුරු දන්නේ නැහැ. ඒත් දැකලා තියෙනවා ඔහුව අනුගමනය කරන අය. ඔහුට ගරු කරන අය.

    ReplyDelete
  2. @ මල්මී
    මයිකල් ජැක්සන් වගේ අදයන අයත් බොහෝමයි. ඔහුගේ ගීත හුඟක් රැඩිකල් ගීත. නිවී පාඩූවේ බෆලෝ සෝල්ජර් කියන ගීතය එහෙම අහල බලන්න. තනුවත් ලස්සනයි.

    ReplyDelete
  3. මාලේත් එක් අතකින් යුග පුරුෂයෙක්. ඔහුගෙ සීමාවෙ සිට සමාජයෙ, ආකල්පවල, යම් වෙනසක් ඇති කරන්නට උත්සාහ කළ කෙනෙක්. මේ ඡායාරුවෙන් දැක්වෙන සුන්දර සිනහව කොයි තරම් අවංකද?

    ReplyDelete
  4. @ නලිනි චන්දිමා
    දොස්තර නෝනත් රසිකයෙක් වගේ..

    ReplyDelete
  5. ආසම ජායාරුපයක්. මේ වගේ තවත් මම ආස එකක් තියනව.
    මොහුගේ මේ කොන්ඩා විලාසිතාවත් හරි ජනප්‍රිය උනා මොහු වගේම. පින්තූරය දිහා බලාගෙන ඉන්න කොට හිත බර වෙනව වගේ දැනෙනවා.

    ReplyDelete
  6. @ ගිම්හානී
    හිත බර වෙනවද සැහැල්ලු වෙනවද...?

    ReplyDelete