Tuesday, September 13, 2011

අම්මේ වඩා..

අපේ අම්මල විතරක් නෙමෙයි.. අපි පොඩි කාළේ අපිට ආදරේ කරපු හැමොම අපිව වඩා ගත්තේ මේ විදියට.. දැන් නම් කූඩවල දාගෙන ඇච්චෝ ගේනියන්නේ. ඉන් වටේ සුරයක් එක්ක කලු නූලකුත් ගැටගහනව.. ජුන්ඩලට ඇස් වහ වදිනවට.. 
"අම්මේ.... වඩා".. 
කී සැරයක් ඉල්ලල ඇද්ද...? 
එතකොට අම්මල බෑ කියනවද..? 
අම්මා වඩා ගන්නවට නේද වඩා කැමති ...? 
ඒ ඇයි...???

12 comments:

  1. ඔය අහල තියෙන ප්‍රශ්න වලට කොහොම උත්තර දෙන්නද අප්ප... ඒ කාලෙ ඕව තේරෙනව කියලද...

    ReplyDelete
  2. අපොයි මමත් අවුරුදු 8ක් විතර වෙනකම් අම්මගෙ කරේ ගියා. මල්ලි හම්බෙනකම්ම. :(

    ReplyDelete
  3. මගේ කෙලි පොඩ්ඩ තාමත් මට වඩාගෙන හුරතල් කරන්න කියනවා. අම්මගේ ආදරේ තව අය අතරේ බෙදෙනවට දරුවෝ කැමති නැහැ. අම්මා ගාව දැනෙන ආදර සුවද වෙන කාගාවවත් ඇත්තෙත් නැහැ. දැනෙන්නෙත් නැහැ.

    ReplyDelete
  4. @ සාතන්
    මට මේ වගේ තේරෙන්නේ නැති ප්‍රශ්න ගොඩයි...

    ReplyDelete
  5. @ නලිනි චන්දිමා
    ඇයි නෝනේ මම. අපේ තාත්තා මාව වඩා ගන්න ගිහින් කොන්දෙ අමාරුවකුත් හැදුනා. ඒ මම පොඩි කාළේ හතිය රෝගයෙන් බොහෝ පීඩා වින්ද නිසා..

    ReplyDelete
  6. @ malmi
    එතකොට නාන්නේ නැති අම්මලා...?

    ReplyDelete
  7. හ්ම්ම් සුරයක් දාන්නේ මොකටද කියල අදයි දැනගත්තෙ...

    ReplyDelete
  8. @ ගිම්හානී
    ඒ සුරේ අර සුරේ ආරක්ෂාවට..

    ReplyDelete
  9. නෑවත් නැතත් අම්මා අම්මාමයි.

    ReplyDelete
  10. මාතලන්,
    මාතෘකාව දැක්කම ගැස්සිලා ගියා. මම මෙච්චර දවස් හිතුවෙ අම්මෙ වඩා කියන්න ඇත්තෙ මම විතරයි කියලා.

    මම ඉස්සර තව එකක් කිව්වා,

    මම ඉස්සර කුක්කු ඉල්ලනවා, අම්ම එතකොට අහනවා තේ කුක්කුද, අම්මා කුක්කුද කියලා.

    ReplyDelete
  11. @ බුද්ධි
    පිස්සුද බන් අපේ එකා දැනුත් අම්මට කියනවා, අම්මා වඩා කියල. ඌ අම්මට වඩා උසයි..
    අම්මි කුක්කූ පින්තූර ගොඩක් තියෙනව පස්සෙ දාන්නම්

    ReplyDelete