Tuesday, September 27, 2011

රුවල් නැව්


සමාවෙන්න මේක නම් පින්තූරයක් නම් නෙමෙයි. චිත්‍රයක්. මම චිත්‍ර වලටත් බොහොම කැමතියි. ලොකු කමකට නෙමෙයි හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. ආර්තික අපහසුතා හා වෙලාවක් නොමැති කම නිසා ඒ අංශය එහෙමම අමතක කරල තියෙන්නේ. ඒත් පුදුම ආසවක් තියෙනවා. සේමගේ මහත්තයගෙන් ඉගෙනගන්න. බලමු ලොතරයියක් වත් ඇදුනොත්.


පොඩි කාළේ ගොඩක් අය අඳින ච්ත්‍රයක් තමයි නැව්. මොන කරුමයක්ද මන් දන්නේ නෑ මම පොඩි කාළේ ඉඳල මේ රුවල් නැව් වලට හරිම ආසයි. මීගමූ වෙරලේ තියෙන රුවල් ඔරුවලටත් පුදුම ආසයි. රුවල් නැවක් ආවයි කිව්වොත් ගෙදරට කරදර කරල පොඩි කාළේත් ගිහිල්ල බැලුව මතකයි. මේ වගේ අඳුරු චිත්‍ර වලට ඡායාරූප වලට මම ගොඩක් කැමතියි. අමුතු ගුප්ත බව ඇතුලේ තනිකම, පාළුව, වගේම ආඩම්බර බවකුත්, තේජස් බවකුත් තියෙනවා.

පොඩි කාළේ පොත් නැවකුත් බැලුව මතකයි. කොහොම හරි පිට රටක ඉන්න කොට ඒ බොසාට පින් අයිති වෙන්න සුපිරි මගී නෞකාවක යන්නත් පින් කරල තිබුනා. මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්. විශේෂයෙන් මගියෙක් ලෙස යන්න ලැබිච්ච එක. ඒ සතියේ හිටියේ රජෙක් වගේ. ඔයාලත් මේ ච්ත්‍රය හා පින්තූරේ රස විඳින්න. දවසක මගී නෞකාවක යන්න වාසනාව උදා වේවා.


9 comments:

  1. මාත් පොඩි කාලෙ ගොඩක් රුවල් නැව් නම් ඇන්ද... අඳින්න ලේසි හින්ද :)

    ReplyDelete
  2. ඕකේ මොකක් හරි කේස් එකක් තියෙනවා අපේ මුත්තා නැවකින් මෙහේ ආපූ නොසන්ඩාලයෙක් හින්දද කියලා මගේ දාර්ශනික මොලේ කියනවා.

    ReplyDelete
  3. මට මතක් වෙන්නෙම මුහුදු කොල්ලකාරයෝ

    ReplyDelete
  4. @ ඇනෝ
    හරිනේ. අපි ඉතින් එහෙමනේ..

    ReplyDelete
  5. හප්පේ මගේ ප්‍රියතම නැව් ජාතිය. අර උඩම තියෙන එක වගේ රුවල් ගොඩක් තියෙන ඒවාට තමා වැඩිය කැමති. මොඩල් රුවල් නැව් කඩවල් වලදී දැක්කම මම නැවතිලා ගොඩක් වෙලා එවයේ සියුම් කැටයම් දිහා බලා ඉන්නව.

    ReplyDelete
  6. @ මුහුදු කොල්ලකාරයා
    අහන්නත් දෙයක්යැ නමෙන්ම හිතගන්න පුළුවන්නේ..

    ReplyDelete
  7. නැව් ගැන නම් මට විශේෂ අදහසක් නැහැ. ඒත් නැවක යන්න අවස්ථාවක් අාවොත් නම් ඒකත් අලුත් අත්දැකීමක් වේවි.

    ReplyDelete
  8. @ මල්මි
    ගිහිල්ලම බලන්නකෝ. සුන්දර අත්දැකීමක්.

    ReplyDelete
  9. අප්පේ, මටත් තියෙන පිස්සුවලින් එකක් ඔය. :D කොච්චර බැලුවත් ඇති වෙන්නෙනම් නෑ තමා. රුවල් නැව් විතරක් නෙවෙයි, උස් පහත් වෙන රළත් සමග නැළවෙන සෙවණැල්ල සහිත බෝට්ටුවක් දැක්කත් කට ඇරගෙන බලන් ඉන්නවා.
    ලොකු නැවක දුර ගමනක් යාමට නැතත්, තරමක් විශාල මගී බෝට්ටුවල හා නැවක කෙටි ගමන් යාමට අවස්ථාව ලැබුණා. අප්පේ, ඉතින් මාර සන්තෝසයි. මතක් කරනකොටත් ආසයි.

    ReplyDelete