Saturday, September 24, 2011

නාඳුනන ත්‍රස්තවාදීයා..



මේ පින්තූරෙත් ළෝක ප්‍රසිද්ධ පින්තූරයක්. කීප දෙනෙක් ගත් පින්තූර වෙනස් වෙනස් කෝන වලින් තියෙනවා. 'ටෑන්ක් මෑන්" ලෙසත් මේක ප්‍රසිද්ධයි. රක්ත වර්ණ චීනේ, රක්ත වර්ණ චතුරශ්‍රය, රක්ත වර්ණ රුධිරයෙන් පිරී යන්න මොහොතකට පෙරයි මේ ඡායරූපය අරන් තියෙන්නේ.

සමහරු කියනවා මේ වීරයා "වැන්ග් වෙන් ලින්" කියල. අපිත් යුධ ටැංකී දැකල තියෙන නිසා ඉස්සරහට තියා අහලකටවත් යන්න බයයි. නමුත් මේ පුංචි මිනිසා ඒ දේ කළා.. රතු චතුරශ්‍රයේ උන් සිසුන් වෙනුවෙන්. රථයේ රියදුරුගෙන් බේරුනත්, රතු හමුදාව අතට පත් උනා. ඊට පස්සෙ උන දේ දන්නේ. දේශපාලන මණ්ඩලේ තමයි. නමුත් එක දෙයක් උනා.

චීනය වෙනස් උනා.

12 comments:

  1. තමන් ආදරය කරන, ගරු කරන දේවල් වෙනුවෙන් මිනිස්සුන්ට යන්න පුලුවන් දුර.
    ස්තුතියි මාතලන්

    ReplyDelete
  2. මහජන බලය ඉදිරියේ යුධටැංකි නොව යුධ නැව් වුවද කරදහි ඔරු බවට පත් වේ.

    ReplyDelete
  3. මේ වගේ පිංතූරයක් බලලා ඈත ඉදන් විවිධ විදියේ විවේචන කරන එකනේ අපි කරන්නේ. මම මගේ දරුවෝ වෙනුවෙන් නම් මෙහෙම දෙයක් කරයි ස්ථිරවම. නමුත් වෙනකෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැති වේවි. එහෙම හිතනකොට .....ඒ තැනට යන්න හිත හදාගන්න පුළුවන්නම් හැබෑවටම ඔහු වීරයෙක් තමයි.

    ReplyDelete
  4. @ නිලිනි චන්දිමා
    දොස්තර නෝනා දන්නවත් ඇති. මෙයා පාර මැද්දට ආවා එක අතක ෂොපින් බෑග් එකක්. අනෙක් අතේ කබායක් අරන්. ටෑන්ක්ස් පෙල නැවතුනා. රථය ඇතුලට යන්න උත්සාහ කළා. පස්සේ රථයේ පාළකයත් එක්ක කතා කලා. ආයෙත් රථය ඉස්සරහ හිට ගත්තා. ඒ වෙලේ තමයි හමුදාවෙන් ඇදගෙන ගියේ. ඊට පස්සේ රතු චතුරශ්‍රයේ සිඳුවූ දේ ළෝකයම දන්නවනේ.

    ReplyDelete
  5. @ ඇනෝ
    වෙල් සෙඩ් ඇනෝ...

    ReplyDelete
  6. @ මල්මී.
    මම යුද්දෙට බින්දුවක්වත් කැමති නෑ. නමුත් තමුන්ගේ සහොදර සෙබළුන් බේරාගන්න ඉදිරියට ගිය හසලක ගාමිනි ගැන මගේ පොඩි ගෞරවයක් තියෙන්වා. මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ට වගේ.

    ReplyDelete
  7. මේ පුද්ගලයාව පාරෙන් අහකට ඇදගෙන යන්නේ හමුදාවම කියලා කියන්න අමාරුයි. ෆුට් සයිකලයක් තල්ලු කරගෙන එන පුද්ගලයෙක් සහ තවත් කීපදෙනෙක්. ඔවුන් ඉන්නේ සිවිල් ඇදුමින්. ෆුට් සයිකලයේ පැමිණ පුද්ගලයා මෙයාට යමක් කී විට මොහු පාරෙන් මදක් අයින් වෙනවා. එවිට තමයි අනිත් දෙතුන්දෙනා පැමිණ මෙයාව අහකට තල්ලු කරගෙන යන්නේ. මේ අය මෙයාට ටැංකියෙන් අනතුරක් වෙයි කියලා බයවුනු විප්ලවවාදීන් වෙන්නත් පුලුවන්.

    කොහොම නමුත් Tank Man කියන්නෙ කවුද කියලවත්, ඔහුව වැලැක්වූ අය කවුද කියලවත් අදටත් අබිරහසක්.

    PBS Frontline - The Tank Man (2006) කියන වාර්තා චිත්‍රපටිය හොයාගෙන බලන්න. Tank Man ගැනත්, ටියෑනමෙන් සංහාරය ගැනත් වැදගත් තොරතුරු එහි ඇතුලත්.

    ReplyDelete
  8. @ ප්‍රවීන් ඉන්ද්‍රනාම
    බොහොමත්ම ස්තූතියි දැණුවත් කිරීමට....

    ReplyDelete
  9. පිට කොන්දක් තියෙන මනුස්සයෙක්...!

    ReplyDelete
  10. @ Prasanna
    මේ වගේ කට්ටියක් අපිට ළඟදි සටනක් දිනල පෙන්නුවා. රොෂේන් ප්‍රමුඛ කටුනායක වීරයන්..

    ReplyDelete
  11. මටත් මේක කියවද්දී සිහියට ආවේ අපේ හසලක ගාමිණී.

    ReplyDelete
  12. @ ගිම්හානී
    පින්තූරෙක. කතා ගොඩා............යි................

    ReplyDelete