Monday, December 19, 2011
Saturday, December 17, 2011
Friday, December 16, 2011
Sunday, December 11, 2011
Sunday, November 27, 2011
Monday, November 14, 2011
Friday, November 11, 2011
හඳ මාමා..
සඳ ගැන කවි, ගී , සින්දු, චිත්‍ර, කෝටි ප්‍රකෝටියක් ලියවිලා ඇති ඒ හැම එකකම සිනිදු, සුකොමල, ලාමක, ලතෙත් මෘදු, සෞම්‍ය, මොලොක්, මටසිලිටු, ප්‍රසන්න, ප්‍රිය උපදවන වස්තුවක් විදියට තමයි හඳුන්වලා තියෙන්නේ, කාන්තාවගේ මුහුණට උපමා කලේ කැත හිතකින්ද එහෙම නැත්නම් අවංකවද කියන ප්‍රශ්නෙකුත් මට තියෙනවා. ඒ උනාට මේ කයිය වෙනස් එකක් වෙයි මයේ හිතේ.....
සිතුවානම් මාමේ, උඹ
නීල් තමයි වැඩයා කියා
උඹට වැරදිලා එහෙනම්..
නැගලා මල් රොකට් එකේ
එනව අපිත් නිතරම ඔහෙ
අටවක දා හිනාවෙන්නේ
ඒ බව උඹ දන්නවාද
එන තරමක් ඔහේ එන්නේ
නරුමයෝමයි රොකට් එකේ
එනකොට උඹ මතක් වෙන්න
අරන් එනව ඇඟෙන් ටිකක්
එකයි ඔය තරම් ගොඩක්
වලවල් පිරිලා තියෙන්නේ
ඔහොම ගියොත් දවසක උන්
අරන් ඒවී හාවත් උඹේ
බයිට් එකට මරන් කන්න..
ඒක නිසා හැමදාමත්
අමාවකට වෙලා ඉඳින්..
ඕනෙම නම් පෝය දාට
පුර සඳ ලෙස පායාපන්...
අම්මා අපේ සිල් ගන්නේ
උඹ පිරිලා ඉන්න දාට
උඹ පිරිලා ඉන්න දාට
Thursday, November 3, 2011
Sunday, October 30, 2011
ලියන මහත්තයා
පොඩි කාළේ ඉඳලම පුදුම ආසයි ලියන්න... පළා කොල නෙමෙයි අනේ හිතට එන ඒවා.. ඒ කාළේ ලියන්නේ ඉස්කෝලේ ලියන පොත් වල පිටිපස්සේ.. සමහර වෙලාවට ගුරුවරු දැක්කත්, නොදැක්කා වගේ ඉන්න ඇත්තෙ ලියපු ඒවල ගන්න දෙයක් නැති නිසා වෙන්නත් ඇති.. ඒත් එකම එක, සැරම සැර සර් කෙනෙක්ට අහුවෙච්ච දවසේ මම හිතුවා හම්බානක කන්න වෙයි කියලා. නමුත් කට කොනකින් හිනාවෙලා කිව්වා වෙනම පොතක් අරගෙන දිගටම ලියන්න කියලා. ඒ ලියලා තිබුනේ ලව් ලෙටර් එකක් කවියකින්. ඒ කාළේ ඒවා ඇර වෙන මොනවා ලියන්නද. ..?
මේ පින්තූරේ දැක්කම මට මතක් උනේ මගේ පොඩි කාළේ.. ඒ කාළේ, අපේ බාප්ප කෙනෙක්ගේ කඩේක තිබුනා ඉන්ගිරිස් ටයිප් රයිටරයක්... බාප්ප කියවන ඉන්ග්‍රිස් පත්තරේ අරගෙන, ඒකේ තියෙන වචන ටයිප් කොරන එක තමයි ඉස්සෙල්ලම කොරේ... පුදුම වැඩේ කියන්නේ, ඉස්ස ඉස්සෙල්ලම හම්බ උන රස්සාවත් අකුරු කොටන එක තමයි.. "ඩේටා එන්ට්‍රි ඔපරේටර්".. කොහොම හරි ෆාස්ටස්ම පොර විදියටත් කප් ගැහුවා..
Monday, October 24, 2011
Thursday, October 20, 2011
Monday, October 17, 2011
Sunday, October 16, 2011
Friday, October 7, 2011
පොඩි කුමාරිහාමී
අකුරු එහෙ මෙහෙ කරන්
මොනවදෝ කුරුටූ ගෑ
දඟකාර කෙලි පැටියා
මගේ නෙත් තෙත් කළා
පබළු මට මදි වෙලා
පළදන්න දුවේ ගෙල
පබළු මල් මාලයක්
සටහන - පියෙක් ගැන මා දුටු හොඳම ළිපිය. නිසල විල සසල කළා
මෙතනින් බලන්න.
Thursday, October 6, 2011
Tuesday, October 4, 2011
පොදු ජන කුමරිය
බොරු මොකටද. මුලු ලෝකෙම කොල්ලෝ වගේ මමත් මේ කුමරිට ප්‍රේම කළා. මියගිය දිනේ දුක් උනා. අදත් පෙම් කරනවා. එයාගේ පින්තූර මගේ ගාව පුරවල. පොත් පත්තර අද උනත් දැක්කොත් ගන්නවා.
ඒ වගේම එයත් සාමාන්‍ය ජනතාවට ආදරය කළා. ආදරයටත් ආදරය කළා. කොහොම නමුත් ජීවිතය වසන්ත සමය තුලම එයින් සමුගත්තා
.
එංගලන්ත අගමැති නියම සම්මානය ඇයට ලබා දුන්නා.
"පීපල්'ස් ප්‍රින්සස්", පොදු ජනතාවගේ කුමරිය.
අදත් එල්ටන් ජෝන් කළින් මැරලින් මොන්රෝ වෙනුවෙන් ගායනා කොට පසුව පද වෙනස් කරමින් ඩයනා වෙනුවෙන් ගැයූ ගීතයට සවන් දෙන විට, අමුතුම තනිකමක් දැනෙනවා.
මේ පින්තුරෙ ඇගේ අහිංසක බව. රාජකීය බව. ත්‍යාගශීලී බව, ප්‍රේමණිය බව යන සියළුම දේ තියෙනවා..
Friday, September 30, 2011
Tuesday, September 27, 2011
රුවල් නැව්
සමාවෙන්න මේක නම් පින්තූරයක් නම් නෙමෙයි. චිත්‍රයක්. මම චිත්‍ර වලටත් බොහොම කැමතියි. ලොකු කමකට නෙමෙයි හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. ආර්තික අපහසුතා හා වෙලාවක් නොමැති කම නිසා ඒ අංශය එහෙමම අමතක කරල තියෙන්නේ. ඒත් පුදුම ආසවක් තියෙනවා. සේමගේ මහත්තයගෙන් ඉගෙනගන්න. බලමු ලොතරයියක් වත් ඇදුනොත්.
පොඩි කාළේ ගොඩක් අය අඳින ච්ත්‍රයක් තමයි නැව්. මොන කරුමයක්ද මන් දන්නේ නෑ මම පොඩි කාළේ ඉඳල මේ රුවල් නැව් වලට හරිම ආසයි. මීගමූ වෙරලේ තියෙන රුවල් ඔරුවලටත් පුදුම ආසයි. රුවල් නැවක් ආවයි කිව්වොත් ගෙදරට කරදර කරල පොඩි කාළේත් ගිහිල්ල බැලුව මතකයි. මේ වගේ අඳුරු චිත්‍ර වලට ඡායාරූප වලට මම ගොඩක් කැමතියි. අමුතු ගුප්ත බව ඇතුලේ තනිකම, පාළුව, වගේම ආඩම්බර බවකුත්, තේජස් බවකුත් තියෙනවා.
පොඩි කාළේ පොත් නැවකුත් බැලුව මතකයි. කොහොම හරි පිට රටක ඉන්න කොට ඒ බොසාට පින් අයිති වෙන්න සුපිරි මගී නෞකාවක යන්නත් පින් කරල තිබුනා. මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්. විශේෂයෙන් මගියෙක් ලෙස යන්න ලැබිච්ච එක. ඒ සතියේ හිටියේ රජෙක් වගේ. ඔයාලත් මේ ච්ත්‍රය හා පින්තූරේ රස විඳින්න. දවසක මගී නෞකාවක යන්න වාසනාව උදා වේවා.
Monday, September 26, 2011
මාලේ....
මාලේ..
මළේ..
මලෙන්ද..?
මලේ..
අනේ නෑ කැන්සර් එකකින්. මාලේ පාපන්දු වලට හරි කැමතියි. බූට්ස් නැතුව ක්‍රීඩා කල වෙලාවක පොඩි තුවාලයක් උනා. ගනන්ගත්තේ නෑ. කාළයක් ගිහින් ඒක කැන්සර් එකක් උනා. "චේ" වගේම් ඔහුත් මට වීරයෙක්. ගීත වලින් විප්ලවයක් කල පුද්ගලයෙක්. කකුල ඉවත් කරන්න ඔහු කැමති උනේ නෑ. ආගමික විස්වාශය අනුව. අපේ කළාකාරයෝ වගේ, වන්දි බට්ටයෙක් නොවුනු ඔහුට මුළු ළොවම ගරු කළා. ඒ හේතුවෙන් වරෙක තම රටේ දේශපාලන අස්ථාවර තත්වයක් ඇති උන වෙලේ. දේශපාලූවෝ මාලේට කන් දුන්නා.
මල් ගහන එක ජැමෙයිකන් කාරයන්ට අපි බුලත් කනව වගේ දෙයක්. රෙගේ මියුසික් ජනප්‍රිය උනේ ඔහු නිසා. මම ආස තවත් ජැමෙයිකානුවෙක් ඉන්නවා. උසේන් බෝල්ට්.
ඒ සුන්දර අවංක නිහතමානී කෙලිළොල් මාලේ මේ පින්තූරේ ඉන්නවා. මාලේගේ මම කැපතිම ඡායාරූපය.
Saturday, September 24, 2011
නාඳුනන ත්රස්තවාදීයා..
මේ පින්තූරෙත් ළෝක ප්‍රසිද්ධ පින්තූරයක්. කීප දෙනෙක් ගත් පින්තූර වෙනස් වෙනස් කෝන වලින් තියෙනවා. 'ටෑන්ක් මෑන්" ලෙසත් මේක ප්‍රසිද්ධයි. රක්ත වර්ණ චීනේ, රක්ත වර්ණ චතුරශ්‍රය, රක්ත වර්ණ රුධිරයෙන් පිරී යන්න මොහොතකට පෙරයි මේ ඡායරූපය අරන් තියෙන්නේ.
සමහරු කියනවා මේ වීරයා "වැන්ග් වෙන් ලින්" කියල. අපිත් යුධ ටැංකී දැකල තියෙන නිසා ඉස්සරහට තියා අහලකටවත් යන්න බයයි. නමුත් මේ පුංචි මිනිසා ඒ දේ කළා.. රතු චතුරශ්‍රයේ උන් සිසුන් වෙනුවෙන්. රථයේ රියදුරුගෙන් බේරුනත්, රතු හමුදාව අතට පත් උනා. ඊට පස්සෙ උන දේ දන්නේ. දේශපාලන මණ්ඩලේ තමයි. නමුත් එක දෙයක් උනා.
චීනය වෙනස් උනා.
Friday, September 23, 2011
මනස උසස් අය..

මේ නාට්‍යයක ජවනිකාවක් නොව්. මිලේඡ්ච චායාරූපයක්. මේ වධ බන්දනයට ලක්කල අයත් පස්සෙ දඬුවම් වින්දා. ඒත්..
යුද්ධය කියන්නේ මහා කාළකන්නි සිඳුවීමක්..
මම අකමැතිම දෙයක්..
නමුත් ළෝකය පවතිනා තුරු හැමතැනම මේ දේ සිඳුවේවී..
අහිංසාවාදී ආගමක් වන බෞද්ධයොත් මේවා අනුමත කරන කොට...
Thursday, September 22, 2011
Tuesday, September 20, 2011
Tuesday, September 13, 2011
අම්මේ වඩා..
අපේ අම්මල විතරක් නෙමෙයි.. අපි පොඩි කාළේ අපිට ආදරේ කරපු හැමොම අපිව වඩා ගත්තේ මේ විදියට.. දැන් නම් කූඩවල දාගෙන ඇච්චෝ ගේනියන්නේ. ඉන් වටේ සුරයක් එක්ක කලු නූලකුත් ගැටගහනව.. ජුන්ඩලට ඇස් වහ වදිනවට..
"අම්මේ.... වඩා"..
කී සැරයක් ඉල්ලල ඇද්ද...?
එතකොට අම්මල බෑ කියනවද..?
අම්මා වඩා ගන්නවට නේද වඩා කැමති ...?
ඒ ඇයි...???
Saturday, September 10, 2011
වැටෙන මිනිසා
අද 9/11 "The Falling Man" කියන මේ ඡායාරූපය ළොව ජනප්‍රිය ඡායාරූපයක්. මේ මනුස්සය මේ පනින්නේ නෝත් ටවර් "North Tower" එකෙන්. ඡායරූපය අරන් තියෙන්නේ ඇසෝසියේටඩ් ප්‍රෙස් හී රිචඩ් ඩ්‍රෝ. මේ වගේ තවත් ඡායාරූප තිබුනත්, මේ ඡායාරූපය දෙස බලා සම හරක් අදහසක් ප්‍රකාෂ කළා මේ විදියට පැන්න අනිත් 200 දෙනාත් සුවිසයිඩර්ස්ලා කියලා. ඒ අය ප්‍රහාරය පිළිබඳව දැනගෙන හිටිය කියල. කොහොම හරි ඒ කතාව ගොන් අදහසක්.
තව දෙයක් දන්නවද...? ටවර් දෙකම කඩාගෙන වැටුනයින් පස්සෙත්, ඒ කොන්ක්‍රීට් ගොඩේත්, ජීවීත බේරුන කීප දෙනෙක් සිටිය බව.. හිතාගන්නත් අමාරුයි නේද.?. මේ තමයි ටවර් කඩා වැටුණු ඡායාරූප.. මේ ප්‍රහාරය නිසා ළෝක ඉතිහාසය සෑහෙන වෙනස් උනා.....
Tuesday, September 6, 2011
Monday, September 5, 2011
Sunday, September 4, 2011
විප්ලවය
කොතරම් සුන්දර මිනිසෙක්ද...?
විප්ලවය දිණූ පසුත්..
සටන අත් නොහරින්න..
නොරට සොහොයුරන් වෙනුවෙන්..
ජීවිතය පුදදෙන්න..
ළොව එදත්, අදත්, හෙටත්, වැඩියෙන්ම අලෙවි වන පුද්ගල ඡායාරූපය..
මම කැමති පළමු එකට.. ඒ තමයි නියම චේ....
දෙවන නිර්මාණය ඉන්දික දිසානායකගේ..
ලංකාවටම ආඩම්බරයක්..
http://awaythehorizon.blogspot.com/2010/12/che-guevara-stencil.html
I don't care if I fall as long as someone else picks up my gun and keeps on shooting.
Che Guevara
ගිම්හානිගේ ඉල්ලීම..
Saturday, September 3, 2011
Subscribe to:
Posts (Atom)